Monday, November 29, 2010

විවෘත කරන ලද ඡායාරූපයක තොරතුරු විමසීම හා ඇතුලත් කිරීම [සිංහලෙන් පොටෝෂොප් උගනිමු 6 ]

කට්ටිය බලනවා ඇති අද මූට මොකක් හරි කැවිලද මෙච්චර පාඩම් එක දවසෙම දෙන්නේ කියලා. නෑ ඇත්තටම මට ඔනෙ කරන්නේ මූලික කරුණු ටික ඉක්මනටම කියල දීල ඉවරයක් කරන්න.

හොදයි අද පාඩම ගැන වැඩි විස්තර ඔනෙ නෑ මාතෘකාවෙන්ම තේරෙන්න ඇතිනේ...

Size එක 952Kb
පාඩම දිව යන කාලය මිනිත්තු 3:10

විවෘත කරන ලද ඡායාරූපයක Lock අගුල ඉවත් කිරීම. [සිංහලෙන් පොටෝෂොප් උගනිමු 5 ]


හොදයි ඔන්න මම තවත් පාඩමක් අරගෙන ආවා අද වීඩියෝවෙන් කියලා ‍දෙන්නෙ විවෘත කරන ලද ඡායාරූපයක Lock අගුල ඉවත් කරන්නේ කොහොමද කියලා. මට කට්ටිය පොඩි උදව්වක් කරන්න ඔනේ පාඩම බාගත්ත කෙනෙක් ඉන්නවනම් පාඩම නිසි ආකාරව වැඩ කරනවද කියලා මට කියනවද?
මම හිතනවා දැන් කට්ටිය දන්නවා ඇති කොහොමද පොටෝෂොප් තුලට පින්තූර ගෙන එන්නෙ කියලත් Potoshop තුලින් අලුත් ඡායාරූපයක් නිර්මාණය  කරන්නේ කොහොමද කියලත් නිර්මාණය කරන ලද ඡායාරූපයක් ආරක්ෂිතව තැම්පත් කර විදිහත් දන්නවා ඇති කියලා මේ පාඩම් මාලාව සරලව පටන් ගත්තට ඉස්සරහට ගොඩක් සංකීර්ණ වෙනවා එක නිසා පුංචි පුංචි දේවල් උනත් ගොඩක් වැදගත් වෙයි ඉදිරි පාඩම් වලට. ඔං එහෙනම් අපි ගියා.



size එක 986.59 KB
පාඩම දිව යන කාලය මිනිත්තු 03:10

නිර්මාණය කරන ලද ඡායාරූපයක් ආරක්ෂිතව තැම්පත් කරමු කරමු [සිංහලෙන් පොටෝෂොප් උගනිමු 4 ]


ඔන්න හිතුවටත් වඩා කලින්ම තව පාඩමක් ගෙනාවා. මම හිතනවා දැන් ඔයාලා Potoshop තුලින් අලුත් ඡායාරූපයක් නිර්මාණය   කරන විදිහ දන්නවා ඇති කියලා. අද අපි බලමු කොහොමද ඒ හදාගත්ත ඡායාරූපය Save කරන්නනේ කියලා ඒ වගේම අද පාඩමෙන් Web එකකට ඡායාරූපය Save කරගන්න විදිහත් තව අමතර කරුනුත් සාකච්ඡා කරනවා. බාගෙනම බලන්න.



size එක  5.08Mb
කාලය මිනිත්තු 18:20

Sunday, November 28, 2010

Potoshop තුලින් අලුත් ඡායාරූපයක් නිර්මාණය කරමු [සිංහලෙන් පොටෝෂොප් උගනිමු 3 ]


ටිකක් පරක්කු  උනාට සොරි වෙන්න ඕනේ. දෙසැම්බර් O/L විභාගේ නිසා වෙලාව කියන දේ හරිම වටිනවා.

හරි එහෙනම් කලින් පාඩම් එහෙමත් බලන්න ඇතිනේ. මෙකෙත් අමතර කරුණු ගොඩක් සාකච්ඡා කරනවා.  YouTube වලින් වීඩියෝව දෙනකොට කොලිටිය ටිකක් අඩු නිසා මම Screen to EXE කියන සොට්ටයා කෑල්ල යූස් කරලා තමා අද පාඩම දෙන්නේ අඩුපාඩු පෙන්නලා දෙන්න කියලත් ඉල්ලීමක් කරන්වා.

මම මෙච්චර අමාරුවෙන් මේ කරන දේට කොමෙන්ටි එකකුත් අනිවා දාල යන්න. ඊලග පාඩමත් ඉක්මනට දෙන්න බලාපොරොත්තු වෙනවා ඒක ඉක්මන් වෙයි ඔයාලගේ කමෙන්ට්ස් මත.

මගේ බ්ලොගයේ ඔයාලට වැදගත් දෙයක් තිබුනම්, කැමතිනම් Follow කරන්න.

File Size එක 4.97Mb
කාලය  මිනිත්තු 19.09

Saturday, November 6, 2010

පොටෝෂොප් තුලට පින්තූර ගෙන ඒම [සිංහලෙන් පොටෝෂොප් උගනිමු 2]

ඔන්න මම පොරොන්දු වුණු විදිහටම පොටෝෂොප් දෙවන පාඩමත් අරගෙන ආවා. මම පොටෝෂොප් වල Interface එක ගැන කතා කරන්න බාලාපොරොත්තු වෙන්නේ නෑ මේ පාඩමේදි. ඉදිරියේදී නිකම්ම ඒ පිළිබද වැටහීමක් ඔයාලට ලැබෙයි කියලා හිතනවා කාට හරි ඒ පිළිබද ගැටළුවක් තියෙනවනම් අහන්න.
අද පාඩම පොටෝෂොප් තුලට පින්තූර ගෙන එන්නේ කොහොමද කියලා මෙහිදී තවත් අමතර කරුණු කීපයකුත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා කටිටිය පාඩම බලලම ගුණ දොස් කියන්නකෝ.

[යාවත්කාල කිරීම 2010-11-29]
     You Tube මගින් ඉදිරිපත් කර ඇති වීඩියෝව අපහැදිලි විය හැකි බැවින්,
size එක 3.58Mb
පාඩම දිව යන කාලය මිනිත්තු 11:07 

Tuesday, November 2, 2010

මුල සිට ඇරබෙන සිංහල පොටෝෂොප් විඩීයෝ පාඩම් මාලාව

අද ඉදන් ඔන්න පටන් ගන්නවා සරලව පොටෝෂොප් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති අයට පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් විදිහේ පාඩම් මාලවක්. ටිකෙන් ටික සංකීර්ණ වෙන මේ පාඩම් මාලාවත් එක්ක දිගටම රැදි ඉන්න.

අද පාඩම සමහර කට්ටියට නම් වැදගත් වෙයිද දන්නෑ මොකද මුලිකම දේවල් තමා අද පාඩමෙන් සාකච්ඡා කරන්නෙ.

අද පාඩමේ අන්තර්ගතය.

Purpose

Part 1

Print Meadia

  • Paper Advertisement
  • Magazines
  • Banners
  • Photography (Color corrections, Reproduce Image

Part 2

Web Designing

  • Paper Advertisement
  • Magazines
  • Banners
  • Photography (Color corrections, Reproduce Image

Part 2

Web Designing

  • Paper Advertisement
  • Magazines
  • Banners
  • Photography (Color corrections, Reproduce Image

Video Production

  • Titling
  • 2D Animation
  • 3D Animation


Part 3

Interface Designing

  • Buttons
  • Icons
  • Menu