Sunday, April 10, 2011

Adsense From Indiarocks

කට්ටියට සුභ ආරංචියක් තියෙනවා ඒ තමයි ලංකාවට ඇඩ්සෙන්ස් ගැනීමේ හැකියාව තාම තියෙනවා. මටත් ඇඩ්සෙන්ස් ලැබුනු නිසා 100% ෂුවර්.

මෙන්න මේකයි සීන් එක අපිට කෙලින්ම ඇඩ්සෙන්ස් ගැනීමේ හැකියාව ඉතාම අඩුයි ඒක නිසා මම ගත්තේ Indiarocks වලින් මේ ගැන මුලින්ම අපිට කිව්වේ SlBLOGGS එකේ ඇඩ්මින් අයියා එයාට මගේ ප්‍රනාමය මුලින්ම.

මම ඔයාලට කියන්නම් මම ඇඩ්සෙන්ස් ගත්ත සිරා විදිහ මුල ඉදලම. මුලින්ම මම අර SlBLOGGS එකේ තිබ්බ පෝස්ට් එක හොදට කියෙව්වා ඒකේ තව අයියා කෙනෙක් comment එකක් දාලා තිබ්බා එයාටත් ඒ ක්‍රමයට ඇඩ්සෙන්ස් ලැබුනා කියලා ඒ නිසා මගේ උනන්දුව තවත් වැඩි උනා. ඉතිං මමත් ට්‍රයි එකක් දැම්මා.

මට තාම අවු:17 නිසා මට ‍චෙක් එක ආවත් මාරු කරගන්න බැරි විත්තිය මට තේරුනා ඉතිං මම පිළිවෙලකට වැඩේ පටන් ගත්තා.

මුලින්ම අම්මගේ නමට Gmail Account එකක් හැදුවා අම්මගේ සිරා වයස නම විස්තර දාලා.

ඊට පස්සේ අර SlBLOGGS එකේ තිබ්බ විදිහට indiarocks එකේ Account එකක් හැදුවා gmail ගිනුමට සමාන තොරතුරු ඇතුලත් කරලා.

ඊට පස්සේ අපේ පව්ලේ සිරා පින්තූර 20 ක් විතර Upload කරා My Photos වලට තමන්ගේම පින්තූර ඇතුලත් කරන එක වැදගත් මොකද google අයියා චෙක් කරනවා ඒවා අන්තර්ජාලයෙන් උස්සපුවද කියලා.

ඊලගට තමා _ක ඉරෙන වැඩේ අන්තර්ජාලයේ කොහෙන්වත් උස්සපු නැති දඩ කඩ්ඩෙන් ලියපු වචන 250 වැඩි Post 2ක් දාන්න ඔනේ. අපිට හරිහැටි කඩ්ඩ බෑනේ ඉතිං මං ගියා මට O/L කඩ්ඩ උගන්නපු සර් ගාවට  සර් මගේ බුදු බොක්ක ඉතිං සර්ට බටර් පාර ගාලා සර් ලමයින්ට දෙන්න ලියපු රචනා වගයක් තිබ්බා එක රචනාවක වචන 1500 විතර තියෙනවා මම ජීවිතේට අහපු නැති වචන ගොඩයි මට ඉතිං මාර කික්. :P

මම සර් ගෙන් රචනා 3ක් විතර Photo copy කරගෙන ආව දැන් ඉතිං කොටපි තමා. මුළු රචනාවම කොටන්න ගියොත් මොලේ කචල් වෙන බව තේරුනා ෂේප් එකේ වචන 300 විතර වෙනකොට එක Post එකක් ඉවර කලා. ඊට පස්සේ පොඩ්ඩක් Google දෙයියගේ search පාරක් දාලා බැලුවා මෙක මු net එකෙන්ම copy කරපු එකක්ද කියලා. වැඩේ ගොඩ. ඊට පස්සේ Facebook එකේ Fake Profile එකකින් පොඩි pubලිසිටි එකකුත් දුන්නා. (ඔය කිව්වට හැමෝටම ඔය කියන ප්‍රොෆයිල් තියෙනවනේ)

අනිත් දවසේ අනිත් post එක ලිව්වා ඒකත් වචන 280 විතර වෙන්න.

ඊට පස්සේ indiarocks එකෙන් ඉල්ලුවා ඇඩ්සෙන්ස්. එතකොට එනවා gmail එකට e-mail එකක් indiarocks එක්ක සෙට් වෙලා ඇඩ්සෙන්ස් ගන්න කැමතිද කියලා. එක verify කරලා ඉතිං බලං හිටියා.

අනිත් දවසේ නැගිට්ට ගමන් බැළුවේ approve වෙලා e-mail එක ඇවිල්ලද කියලා. බඩු නෑ. අනේ ඉතිං එදා දවසේ ටියුෂන් කඩ පැත්තේ රෑ වෙලා ගෙදර ඇවිල්ලා මහන්සියට දොයිය ගත්තා. අනිත් දවසේ උදේ නිකමට වගේ ඇවිල්ලා බැළුවා  approve වෙලා e-mail එක ඇවිල්ලද කියලා. මෙන්න බොලේ ඇවිල්ලා හරියට මගේ උපන්දිනෙත් එදා (මාර්තු 28) ඔන්න ඉතිං උපන්දින තෑග්ග Google එකෙන්ම ලැබුනා.

ඔයාලත් ට්‍රයි කරලා බලන්න මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට වැදගත් වෙයි කියලා. තව දෙයක් ලංකාවේ ඇඩ්සෙන්ස් ගන්න එක මෙච්චර අමාරු වුනු හේතුව ඔයාලට අමුතුවෙන් කියන්න ඔනෙ නෑනේ ඉතිං මේ ක්‍රමය පරිස්සමින් කරන්න කියලත් ඉල්ලීමක් කරන්න එපා අනුන්ගේ පෝස්ට් කොපි කරලා  indiarocks එකට දාලා ඒ ක්‍රමයත් නැති කරලා දාන්න එපා. ඔයාලටත් ඇඩ්සෙන්ස් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කැමතිනම් මගේ බ්ලොග් එක Follow කරන්න. ජයවේවා!!!

12 Premium Business Card Templates (PSD)


Blue cloudy sky business card template (PSD)




Black crystals business card design, two sided template (PSD)


Green business card template with seamless pattern (PSD)



Abstract hi-tech design, business card template (PSD)





Brown retro business card, PSD template




Blue business card template


Business card template design



Beauty salon business card template


Wooden theme business card template



Modern business card



Purple business card template


Grunge business card Photoshop template