Tuesday, September 6, 2011

Group Project එකට E-bay එකෙන් ගෙන්නපු භාණ්ඩේ


කට්ටිය දන්නව ඇතිනේ අපිට Group Project කියලා ජාතියක් තියෙනවා නොවැ කොරන්න ඉතිං මේකට අපේ සැට් එකේ කට්ටිය කල්පනා කරා අපේ ඉස්කෝලේ Main Hall එකේ සටේජ් එකට ලයිට් සෙට් කරන්න. මොකද දැනට ස්ටේජ් එකට Tube Light 3ක් ද කොහෙද හයි කොරලා තියෙන්නේ. ඒකෙනුත් එකක් වැඩ කරන්නෑ මයෙ හිතේ.

ලස්සන කෙලි පොඩික්කියෝ ඔක උඩ ඩාන්ස් කොරනකොට කොහොමද හෆ්පා light නැතුව මූනක්වත් බලා ගන්නේ . ඉතිං අපේ සැට් එක එකතු වෙලා Book Mark ටිකක් එහෙම Print කොරගෙන ඔං විකුනනවා. මට නම් තව සත පහක්වත් ලැබුනේ නෑ අන්තිමට අතින් කයිට් වෙයිද දන්නෙත් නෑ. ඒ කෝක වෙතත් මං ඉතිං වැඩ්ඩා නේ ! E-bay පැත්තේ කරක් ගහනකොට මෙන්න හම්බ උනා භාණ්ඩේ! 


Projector Holographic Laser Star Stage DJ Lighting Mini