Tuesday, September 6, 2011

Group Project එකට E-bay එකෙන් ගෙන්නපු භාණ්ඩේ


කට්ටිය දන්නව ඇතිනේ අපිට Group Project කියලා ජාතියක් තියෙනවා නොවැ කොරන්න ඉතිං මේකට අපේ සැට් එකේ කට්ටිය කල්පනා කරා අපේ ඉස්කෝලේ Main Hall එකේ සටේජ් එකට ලයිට් සෙට් කරන්න. මොකද දැනට ස්ටේජ් එකට Tube Light 3ක් ද කොහෙද හයි කොරලා තියෙන්නේ. ඒකෙනුත් එකක් වැඩ කරන්නෑ මයෙ හිතේ.

ලස්සන කෙලි පොඩික්කියෝ ඔක උඩ ඩාන්ස් කොරනකොට කොහොමද හෆ්පා light නැතුව මූනක්වත් බලා ගන්නේ . ඉතිං අපේ සැට් එක එකතු වෙලා Book Mark ටිකක් එහෙම Print කොරගෙන ඔං විකුනනවා. මට නම් තව සත පහක්වත් ලැබුනේ නෑ අන්තිමට අතින් කයිට් වෙයිද දන්නෙත් නෑ. ඒ කෝක වෙතත් මං ඉතිං වැඩ්ඩා නේ ! E-bay පැත්තේ කරක් ගහනකොට මෙන්න හම්බ උනා භාණ්ඩේ! 


Projector Holographic Laser Star Stage DJ Lighting Mini







මේක Bid කොරන්න තමා තිබ්බේ. Shipping එහෙමත් Free නිසා මමත් ඇරියේ නෑ කොහොම හරි සතේ සතේ වැඩි කොරලා Win කරා ඔං ඉතිං Win කොරනකොට ගාන US $ 22.50 වෙලා කොරන්න දෙයක් නෑ අම්මගේ card එකෙන් Pay කොරලා සති තුනක් විතර යනකොට මෙන්න එනවා පියුං මමා ටිකක් ලොකු පාර්සලේකුත් උස්සගෙන. මාමා එනකොටම මම දැන ගත්තා බඩු බනිස් තමා කියලා. 

මේකේ බටොන් එකක් තියෙනවා ඒක එබුවාම සින්දුවේ බේස් එකට මෙකේ රතුයි කොලයි මෙව්වා මෙව්ව වෙනවා. පටේ පට්ට පට පට. පුලුල් පරාසත් වදිනවා නොවෑ. 



දැන් ඉතිං ලස්සන කෙලි පොඩික්කියෝ මේක මෙව්වා වෙද්දී , මෙව්වා වෙවි නටනකොට අපිටත් නිකන් මෙව්වා වෙයි නේ? :D 

මළ හුට්ටප්පරයයි දැන් ඉතිං මෙව්වා වෙන්න කොයි ඉස්කෝලේ බේස්? ඒකට තව සැට් එකකොට තව Project කට්ටක් කොරන්න වෙයි වගේ! ඔං එහෙනං මං කැපුනා! :P  

No comments:

Post a Comment

කස්ටියගෙ අදහස් මට ගොඩක් වටිනවා. ඉතිං ඔයාගේ අදහසත් දැම්මනං....