Monday, November 29, 2010

විවෘත කරන ලද ඡායාරූපයක Lock අගුල ඉවත් කිරීම. [සිංහලෙන් පොටෝෂොප් උගනිමු 5 ]


හොදයි ඔන්න මම තවත් පාඩමක් අරගෙන ආවා අද වීඩියෝවෙන් කියලා ‍දෙන්නෙ විවෘත කරන ලද ඡායාරූපයක Lock අගුල ඉවත් කරන්නේ කොහොමද කියලා. මට කට්ටිය පොඩි උදව්වක් කරන්න ඔනේ පාඩම බාගත්ත කෙනෙක් ඉන්නවනම් පාඩම නිසි ආකාරව වැඩ කරනවද කියලා මට කියනවද?
මම හිතනවා දැන් කට්ටිය දන්නවා ඇති කොහොමද පොටෝෂොප් තුලට පින්තූර ගෙන එන්නෙ කියලත් Potoshop තුලින් අලුත් ඡායාරූපයක් නිර්මාණය  කරන්නේ කොහොමද කියලත් නිර්මාණය කරන ලද ඡායාරූපයක් ආරක්ෂිතව තැම්පත් කර විදිහත් දන්නවා ඇති කියලා මේ පාඩම් මාලාව සරලව පටන් ගත්තට ඉස්සරහට ගොඩක් සංකීර්ණ වෙනවා එක නිසා පුංචි පුංචි දේවල් උනත් ගොඩක් වැදගත් වෙයි ඉදිරි පාඩම් වලට. ඔං එහෙනම් අපි ගියා.



size එක 986.59 KB
පාඩම දිව යන කාලය මිනිත්තු 03:10

5 comments:

  1. අයියෙ ඔයා මාර වැඩ කාරයෙක්නේ.. අපි‍ටත් මේවා කරන විදිහ කියලා දෙන්නකෝ..

    ReplyDelete
  2. ලොකු උදවුවක් දන්නවා නම් කියලා දෙන්න...සිංග්ලිශ් වලින් ටයිප් කරපු ටෙක්ස්ට ෆයිල් එකක් ps වලට ගෙන ආවහම අකුරු එහේ මෙහේ...ඉස්පිලි පාපිලි අවුල්..මේක හදන්න ක්‍රමයක් තියෙද?...යුනිකෝඩ් වලින් වැඩ කරන විදියට :)...ලොකු උදවුවක්..ඔබට ජයෙන් ජය....!

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. @Tharindu Darshana Wikramasinha
    Adobe සමාගමේ කිසිදු මෘදුකාංගයකට යුනිකොඩ් සපෝට් කරන්නේ නෑ. ඒක ලොකු අඩුවක් තමා හැබැයි පිලියමක් තියෙනවා සාමාන්‍ය FM DL වගේ Font එකක් පාවිච්චි කරන්න පුළුවන් ඉස්පිලි පාපිලි එහෙ මෙහෙ යන ගැටළුව මග හැර ගන්න Keyman කියන මෘදුකාංගය පාවිච්චි කරන්න පුළුවන්

    Fonts බාගන්න- http://freesinhalafonts.ananmanan.com/

    Keyman වෙනුවට හෙලබසත් පාවිච්චි කරන්න පුළුවන් එක බාගන්න-
    http://www.tavultesoft.com/keyman/downloads/keyboards/search.php?Search=iso:l:sin&Submit=1

    ReplyDelete
  5. @ලැසී
    maxxa..thnx kiwuwa

    ReplyDelete

කස්ටියගෙ අදහස් මට ගොඩක් වටිනවා. ඉතිං ඔයාගේ අදහසත් දැම්මනං....