Friday, October 1, 2010

කළු කුහර Black Holes

නියම ඇනිමේෂන් වීඩියෝ ටිකක් සහ පින්තූර ටිකක් එක්ක කළු කුහර කියන්නේ මොනවද? කළු කුහරයකට තරුවක් අසු උනාම මොකද වෙන්නේ කියන කතා සරලව තේරෙන භාෂාවෙන් කියල දෙන්නයි මේ හදන්නේ. ඔයාලගේ සාමාන්‍ය දැනුමටත් විද්‍යා දැනුමටත් මේක එකතු කරගන්න. ;)

මුලින්ම අපි බලමු කළු කුහර කියන්නෙ මොනවද? ඒව ඇති වෙන්නෙ කොහොමද කියලා.....


තාරකාවක් හැම විටම ස්වයං ලෙස දීප්ත වෙනවා. ඒ කියන්නේ රසායනික ප්‍රතික්‍රියවෙක් හරහා ආලෝකයත් තාපයත් උපදවා ගන්නවා. අපේ සූර්යයත් විශ්වයේ තියෙන එක තරුවක් කියලා ඔයාලා දන්නවනේ. න්‍යෂ්ට්ක ප්‍රතික්‍රියාවක ප්‍රතිපලයක් විදිහට හයිඩ්‍රජන් හීලියම් බවට පත්කරලා අපේ සුර්යයා ආලෝකය පිටතට මුදා හරිනවා. මේ විදිහට බලන ‍කොට තරුවක් නිකන් ලාම්පුවක් වගේ  නේ? :P   ඉන්දන හා තිරය ඉවර වුනු ලාම්පුවක් නිවිලා යනවා වගේම තාරකාවක න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වල තියෙන රසායනික ද්‍රව්‍ය අවසන් වු පසු ඒක මළ තරුවක් බවට පත්වෙනවා. අපේ සූර්යයාද එයාගේ ඔය කියන රසායනික ද්‍රව්‍ය තව වසර මිලියන 5 කින් පස්සේ ඉවර වෙලා එයත් මළ තරුවක් බවට පත්වෙනවා. (වීඩියෝව නරබන්න)
http://www.youtube.com/v/AK7XYo_Jg48?fs=1&hl=en_US

මළ තරුවක් තුල ඇතිවෙන න්‍යෂටික ප්‍රතික්‍රියාව අවසානයේදී සිය ගුරුත්වය විසින් එම තරුවේ කේන්ද්‍රය දෙසට සියළුම ද්‍රව්‍ය ඉතා ප්‍රබල ලෙස ආකර්ෂනය කරගන්නවා. එහි ප්‍රතිපලයන් විදිහට එය උෂ්ණත්වයකට භාජන වී සංකෝචනය වෙනවා. ඊට පස්සේ විශාල පිපිරුමක ලක් වෙනවා. එම පිපිරීමත් එක්කම විකරණ ශීලී මූලද්‍රව්‍යයන් හා අනිකුත් අංශූන් පිටතට මුදා හරිනවා. ඊට පස්සේ ඉතිරි වන්නේ විශාල ස්කන්දයක් සහිත කේන්ද්‍රයක් විතරයි. මෙහි ගුරුත්වය කොච්චර ප්‍රභලද කිව්වොත් ආලෝකයට පවා ඉන් පිටවීමට නොහැකියි. කළු කුහරයක් විදිහට හදුන්වන්නේ මෙම වස්තූන්ය.

මේවාගෙන්ද ආලෝකය විනිවිද නොයන නිසා ඒවා දැකගන්න නම් හම්බවෙන්නේ නෑ. මේ වෙත එන ඔනෑම වස්තුවක් නැවත පිටතට නිකුත් නොවන ලෙස ගිලගන්නවා. මෙම කළු කුහරයේ මැද Singularity නමින් හදුන්වන අතර එය කේන්ද්‍රය කොට ගත් කළු විවරය Event Horizon නමින් හදුන්වනවා.  ඒ කියන්නේ මෙම සීමාව වෙත එන කිසිම වස්තුවක් නැවත දැකගන්න හම්බුවෙන්නේ නෑ කියන එකයි. කාලයත් අවකාශයක් යන සංකල්පය මත ක්‍රියාත්මක වෙන සියළු දේ විරාමක් බවට පත්වේ. ඒ කියන්නේ ආලෝකයත් අවකාශයත් එහි ගිලගන්නවා කියන එකනේ.

මේ වීඩියෝවත් නරඹන්න
http://www.youtube.com/v/pwnoD8VpgCM?hl=en&fs=1
http://www.youtube.com/v/EOi0xA9GvX8?fs=1&hl=en_US





3 comments:

  1. ඔව් ඔවි මල්ලී මට මතකයි ඔය වගේ එකක් රේ එකෙත් තිබ්බා. ;)

    ReplyDelete
  2. තැන්කූ අයියා!

    ReplyDelete

කස්ටියගෙ අදහස් මට ගොඩක් වටිනවා. ඉතිං ඔයාගේ අදහසත් දැම්මනං....