Sunday, October 10, 2010

ජංගම දුරකථනය වැසිකිලියක්ද?

කට්ටිය හිතනවා ඇති මේ මොන හිරිකිත කථාවක්ද කියලා :P හැබැයි ඉතිං ඔයාලත් පාවිච්චි කරන්නේ ජංගම දුරකථනයක්ද ජංගම වැසිකිලියක්ද කියලා දෙවරක් හිතන්න කාලය ඇවිල්ලා.

විදාඥයින් පිරිසක් විසින් හා කරන ලද පරීක්ෂණයකදී අනාවරනය කරගෙන තියෙනවා වැසිකිලියේ ඇති toilet seat එකක ඇති විසබීජ ප්‍රමානයට සමාන ප්‍රමානයක් සමහර ජංගම දුරකථන වල තියෙනවා කියලා :D නිතර ස්පර්ශ කරන ජංගම දුරකථනය බැක්ටීරියා හා වෛරස් වලට හොද නිවහනක් වෙනවා නිතර වාතයට හා දුවිල්ලට නිරාවරනය වීමත්, යම් යම් උෂ්ණත්ව වලට භාජනවීමත් නිසා මෙවැනි විෂබීජ ඇති වීමේ සීඝ්‍රතාවය වැඩි වෙනවා. තවද කථා කරන විට මුඛයෙන් නිකුත් වන ඛේටයද මීට ආධාර උපකාර ලබා දෙනවා. මෙවැනි විෂබීජ නිසා සමේ කුෂ්ට හා ප්‍රතිශක්තීකරනය හීන වන බව විද්‍යඥයන් විසින් අනාවරනය කරගෙන තියෙනවා.

මේකට හොදම පිළියම වන්නේ දවස් 2-3 කට සැරයක් විෂබීජ නාශකයක් දුරකථනය තුලට නොයන පරිධී පිසදැමීමයි. තව දෙයක් ඔයාලගේ දෑත් හැම වෙලාවෙම පිරිසිදුව තබා ගන්නත් කටයුතු කරන්න.

"ආරෝග්‍යා පරමා ලාභා"

1 comment:

කස්ටියගෙ අදහස් මට ගොඩක් වටිනවා. ඉතිං ඔයාගේ අදහසත් දැම්මනං....