Saturday, October 23, 2010

ඇ‍මෙරිකානු සෙබළුන්ට යුධ උපක්‍රම කියාදෙන්නට සී.අයි.ඒ සංවිධානය පරිගණක ක්‍රීඩා යොදාගන්නා හැටි

පිටරට වල සිටින ඇමෙරිකානු සෙබළුන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමා ඒ ඒ රටවල ස්වදේශ භාෂාවන් නොතේරීමයි පිටරට වලදී හස්ත මුද්‍රාවෙන් වැඩ කිරීම ඒ අයගේ පුරුද්දයි. ඒ වුනාට හැම වෙලේම ඒ වැඩේ හරියන්නෙත් නෑ. ඒ මොකද කිවුවොත් වැරදි හස්ත මුද්‍රා නිසා ස්වදේශිකයන් කෝප ‍වෙනවා.

මේ වැරැද්දෙන් මිදීම සදහා පරිගණක ක්‍රීඩා යොදාගන්නට ඇමරිකානු හමුදා බලධාරීන් මීට අවුරුදු 4 විතර කලින් තීරණය කලා. බටහිර රටවල මිනිස්සු කතා බහ කරන කොට යොදා ගන්නා හස්ත චලනයන් නෙමෙයි පෙරදිග හෝ මැදපෙරදිග රටවල මිනිස්සු යොදාගන්නේ. ඉතිං මේ වෙනස තේරුම් ගෙන මතක තියා ගන්න හමුදා සෙබළුන්ට අමාරුයි. පරිඝනක ක්‍රීඩාවක් නිර්මාණය කල විට නොයෙක් හස්ත මුද්‍රා හරි අංග චලන හරි අත්හදා බලන්න පුළුවන්. සැබෑ ජීවිතයේ ඔව අත්හදා බලන්න ගියොත් වෙන දේවල් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.

ඉරාකයේ ඉන්න ඇමෙරිකානු සෙබළුන්ට ඉරාක ස්වදේශකයන්ගේ අංග චලන හස්ත මුද්‍රා තේරුම් ගන්නට තනා තියෙන පරිගණක ක්‍රීඩාව තමා ටැක්ටිකල් ඉරාකි (Tactical Iraqi).



ඇෆ්ගනිස්ථානයේ ඉන්න ඇමෙරිකානු සෙබළුන්ට ඇෆ්ගනිස්ථානු ස්වදේශකයන්ගේ අංග චලන හස්ත මුද්‍රා තේරුම් ගන්නට තනා තියෙන පරිගණක ක්‍රීඩාව තමා ටැක්ටිකල් පැස්ටෝ (Tactical Pasto).

ලෙබනනයේ ඉන්න ඇමෙරිකානු සෙබළුන්ට ලෙබනනයානු ස්වදේශකයන්ගේ අංග චලන හස්ත මුද්‍රා තේරුම් ගන්නට තනා තියෙන පරිගණක ක්‍රීඩාව තමා ටැක්ටිකල් ලැවෙන්ටයින් (Tactical Laventine).

ඇමෙරිකානු සෙබළුන්ගේ හැකියාවන් දියුණු කරන්නට පරිගණක ක්‍රීඩා යොදා ගත් පළමු අවස්ථාව මෙය නොවේ. ඇමෙරිකානු මධ්‍යම ඔත්තු සේවය (CIA) පරිඝනක ක්‍රීඩා නිර්මාණය කිරීම සදහා කැලිෆෝනියා විශ්ව විද්‍යාලයට ඇමෙරිකානු ඩොලර් හාරකෝටි පනස් ලක්ෂයක් ලබා දී තියෙනවා. ඒ යටතේ සාම සාධක හමුදාවන්ගේ කටයුතු පහසු කරන්න ෆුල් ස්පෙක්ට්‍රම් වොරියර් (Full Spectrum Warrior) නමින් පරිගණක ක්‍රීඩාවක් නිර්මානය කරලා තියෙනවා. මේක වෙඩි තියෙන හැටි උගන්නන ක්‍රීඩාවක් නෙමේ මේකෙන් කියලා දෙන්නේ බුද්ධිමත්ව ඒ ඒ අවස්ථාවන්ට උචිත පරිධි කටයුතු කරන්නේ කොහොමද කියලයි.

හැබයි ඉතිං අපේ ලාංකික රණ විරුවෝ ලොව කුරිරුම හා දරුණුම ත්‍රස්තවාදය, මානුෂික අන්දමින් පරාජය කලේ ඔය කියන මුකුත්ම නැතුව විත්තියත් මේ අවස්ථාවේ බොහොම ආඩම්බරයෙන් යුක්තව කියන්න ඕනේ. ඔවුන්ගේ හිතේ තිබුණු දේශප්‍රේමීයත්වය අපේ රට නිදහස කරා ගෙන එන්න බලපෑවා. හසලක ගාමිණී රණ විරුවා ඊට කදිම නිදසුනක්.

ඔබේ අදහස් කියන්න මේ ගැන

5 comments:

  1. ඒ වෙලාවෙ හසලක ගාමිනී සහ පිරිස සැඟවිලා තමා ඉඳල තියෙන්නෙ එකපාරටම ගාමිණීව ඉස්සරහට තල්ලු කරල ආයෙත් ආවොත් වෙඩි තියනව කිව්වලු....ඒත් ඊට පස්සෙ හරි ගාමිණී රිවස් දාන්නෙ නැතිව දුවල ගිහිපු එක ලොකු දෙයක්....

    ReplyDelete
  2. ඔව් ඔවි එයා එයාගේ ජීවිතේ ගැනවත් හිතන්නේ නැතිව ඒ බුල් ඩෝසරේට බෝම්බත් බැදගෙන පැන්නා එහෙම නැත්නම් මුළු කදවුරම සුන්නත්දූවිලි වෙලා යන්න ඉඩ තිබ්බා. එහෙම වීරකමක් දැක්වූ ලොව ප්‍රථම රණවිරුවත් ඔහුයි.

    ReplyDelete
  3. ලිපියත් හොඳයි ලංකාවෙ රණවිරුවොත් හොඳයි...
    ඕච්චර ලොකු ලොකු කතා කියන/කරල ඇමෙරිකානු සෙබළුන්ට, මහලොකු ආයුධ තියනව කියල එක රටකටවත් මෙතෙක්කල් ත්‍රස්ථවාදය නවත්තන්න හැකියාවක් ලැබිල ‍නෑ නෙ... ඉතින් ලංකාව මේ කරල තියෙන්නෙ ලොකු දෙයක් !!

    ReplyDelete
  4. ow geeth... americawata thaama osaama inna thenak hoyaganna baa...

    ReplyDelete
  5. ඔව් කතාවට මම උඩින්ම එකගයි
    මාත් එක්ක දිගටම රැදී ඉන්න එක ගැන ගොඩක් සතුටුයි.
    ස්තූතියි අදහස් වලට ඔක්කොටම

    ReplyDelete

කස්ටියගෙ අදහස් මට ගොඩක් වටිනවා. ඉතිං ඔයාගේ අදහසත් දැම්මනං....